ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ඉදිරියට

views 672 2019-08-03 11:49:00 sport

අයි.සී.සී ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැති තරගයේ දෙවන දිනය අවසන් වන විට එංගලන්ත කණ්ඩායම ලකුණු 267ක් ලබා සිටියි.

පළමු ඉනිම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්තේය.

එහිදී ස්ටීව් ස්මිත් ලකුණු 144ක් ලබා ගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලකුණු 267ක් ලබා සිටියේය.

ඒ අනුව කඩුලු 06ක් අතැතිව එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ලකුණු 17කින් පසුපසින් සිටියි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post