රුසියාව සහ චීනය නව එකඟතාවකට පැමිණිය යුතුයි-ට්‍රම්ප්

views 775 2019-08-03 11:44:00 world

රුසියාව සහ චීනය න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් නව එකඟතාවකට පැමිණිය යුතු බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා දෙරටේ නායකයින්ගේ අවධානය යොමු කළ බවයි.

රුසියාව සහ අමෙරිකාව අතර න්‍යෂ්ටික එකඟතාව නවතා දැමීමත් සමඟ අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල එකඟතාව කඩකරමින් රුසියාව විසින් නව ආකාරයේ කෲස් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් අමෙරිකාව මෙම එකඟතාවයෙන් ඉවත් වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post