හොංකොං අඩපණ වෙලා

views 659 2019-07-22 02:21:00 world

විරෝධතා හේතුවෙන් හොංකොං හි දෛනික කටයුතු සියල්ලම පාහේ අඩපණ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉදිරියේදී බරපතල ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බවට බලධාරීන් දැනටමත් අනතුරු අඟවා ඇති බවයි.

හොංකොං හි පැවති විරෝධතාවක් අතරතුර ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගෙන තිබුණි.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ උදර්පණ නීතිය අවලංගු කරන බව රජය ප්‍රකාශ කර ඇතත් ඊට එරෙහිව ආරම්භ වූ විරෝධතාවල අඩුවක් දක්නට නොලැබෙන බවයි.

මේ වනවිට විරෝධතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් ලෙස වර්ධනය වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙහිදී විරෝධතාකරුවන් ඉතාමත් කලහකාරී ලෙස හැසිරී ඇති අතර පිරිස විසුරුවා හැරීමට රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් යොදාගෙන ප්‍රහාර එල්ල කළේය.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් එහිදී පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං දූපත, 1997 වසරේ මහජන චීන පාලනයට භාර දුන් අතර නව උදර්පණ නීතිය හඳුන්වා දීම හේතුවෙන්  හොංකොංහි වර්ධනය වෙමින් පැවති සමාජ කැළඹීම තවත් උග්‍ර විය.

එමෙන්ම හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම් පිළිබඳව ජනතාව තුළ තිබූ ප්‍රතිරූපය බිඳවැටී ඇති අතර ඇයට තනතුරෙන් ඉවත් වන ලෙස පුරා මාස දෙකක් තිස්සේ පැවති විරෝධතාවලට මිලියන සංඛ්‍යාත පිරිසක් සහභාගී විය.

විරෝධතා හේතුවෙන් හොංකොං හි දෛනික කටයුතු සියල්ලම පාහේ අඩපණ වී ඇති අතර ඉන්  ආර්ථිකයද බලවත් අර්බුදයකට ඇදදමා තිබේ.

මේ හේතුවෙන් ඉදිරියේදී බරපතල ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post