ශ්‍රීලංකන් ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා srilankan.com මගින් 40%ක විශේෂ දීමනාවක්

views 790 2019-07-22 02:12:00 business

ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික පන්තියේ  ප්‍රවේශපත්‍ර සඳහා 40% ක් විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.මෙමඟින් ඔබට ලොව පුරා ගමනාන්ත 35 කට අධික සංඛ්‍යාවක් වෙත රිසි සේ පියාසර කිරීමට අවස්ථාව උදා වනු ඇත. එසේම ඉදිරියේ දී පිරිමැසුම් පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා ද  25% ක විශේෂ දීමනාවක් ලබාදීමට  ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබේ.

ශ්‍රීලංකන් ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා ගුවන් මගීන්හට මෙම දීමනාව  2019 ජූලි මස 27 දා සිට 2020 ජූලි මස 15 තෙක් වලංගු වන අතර ඔවුන්ට එම කාල සීමාව තුළ නිදහසේ ඕනෑම වේලාවක ගුවන් සංචාරයේ යෙදිය හැකිය.

ශ්‍රීලංකන් ගුවන් සේවය පිරිමැසුම් පන්තිය සඳහා ලබා දෙන විශේෂ දීමනාව දින 9 ක් පමණක් ක්‍රියාත්මක වන  අතර එනම් 2019 ජූලි මස 20 වැනිදා සිට 2019 ජූලි මස 28 තෙක් ඔවුන්ට ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම අවස්ථාව සැලසේ. පිරිමැසුම් පන්තියේ ප්‍රවේශපත්‍ර මිලදී ගත් ගුවන් මගීන්ට 2019 සැප්තැම්බර් මස 15 වැනිදා සිට 2020 ජූලි මස 15 වන දින දක්වා කාල සීමාව තුළ සිය සංචාරක කටයුතු සිදුකර ගත හැකි වේ.

මෙම දීමනාව හරහා ලොව පුරා ආකර්ෂණීය ගමනාන්ත 35 කට අධික සංඛ්‍යාවක් වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට ගුවන් මගීන්ට අවස්ථාව සැලසෙන අතර  ඇතැම් ගමනාන්ත සඳහා සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ප්‍රථමයෙන්ම ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා ගුවන් මගීන්ට  විශේෂ පහසුකම් සැලසේ.

SriLankan Travel Fest’ දීමනාව පිළිබඳව වැඩිදුර තොරතුරු www.srilankan.com/srilankan-travel-fest වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ගුවන් ප්‍රවේශපත් (srilankan.com ) අන්තර්ජාලය හරහා වෙන්කරවා ගැනීමේදී පාරිභෝගිකයන්ට  වැඩිදියුණු කළ පරිශීලක පහසුවට අමතරව විශේෂාංග  රැසක් හිමිවේ. ඊට අමතරව සුවිශේෂී ගාස්තු, දිනය වෙනස් කිරීම පිළිබඳ වඩාත් නම්‍යශීලී බව සහ වෙනත් ප්‍රතිලාභ රැසක් ගුවන් මගීන් වෙත ලබාදෙයි. තවද ගනුදෙනුකරුවන්ට ලෝකයම ඔවුන්ගේ ඇඟිලි තුඩුවලට ගෙන එමින් ඔවුන්ගේම වෙන්කරවා ගැනීම් සඳහා ඉඩ ලබා දී ඇත.

එසේම ගුවන් මගීන්ට තමන් කැමති ආසනය කල්තියා වෙන් කරවා ගැනීම, ව්‍යාපාරික පන්තියේ ආසනයක් සඳහා වැඩිම ඉල්ලීම් සිදුකිරීම සහ අන්තර්ජාලය හරහා ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී ඔවුන්ගේ ප්‍රියතම ආහාර පාන වෙන්කරවා ගැනීම ඇතුළු පහසුකම් රාශියක් අත්විඳිය හැකිවේ.

ශ්‍රීලංකන්  ගුවන් සමාගම  වත්මන්හි  රටවල්  48 ගමනාන්ත  111 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.  වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ. එසේම  ශ්‍රීලංකන්  ගුවන් සමාගම ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards )   ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards Asia and Australasia ) ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ද සම්මානයට පාත්‍ර වී තිබේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post