මහින්ද-ග්‍රේරැ එජාපයට.. ශ‍්‍රීලනිපය අතහරී..?

views 679 2019-07-20 09:44:00 news

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මහින්ද සමරසිංහ හා මොහාන් ලාල් ග්‍රේරැ එක්සත් ජාතික පක්‍ෂයට නුදුරේදීම එක් වනු ඇති බවට වාර්තා පල වෙයි.

අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ ආණ්ඩුවට විරුද්දව පැවති විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඔවුන් ජන්දය දීමෙන් වැලකි සිටියේ එම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් මෙම දෙදෙනා එජාපයට එක්ක කර ගැනීම ගැන එජාප ආසන සංවිධායකයන් නොසතුට පල කර ඇති බවද දැක්වෙයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post