එජාපය ඇතුලේ යුද්දයක්.. කල්ලි ගැහී ගහමරා ගන්නවා.. දෙකඩ වී වෙනම පෙරමුණක් හැදෙන තත්වයක..- ඇමති මනෝ

views 766 2019-07-19 10:56:00 news

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුදැයි තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය කල්ලි බෙදී කුලල් කා ගනිමින් සිටින්නේ යැයි ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.

එක් එක් අයට එක එක න්‍යායපත්‍ර ඇති බවත් පවසන ඇමතිවරයා ඔවුන් ඒ අනුව වැඩ කර ඉන්පසු ගහමරා ගන්නා බවද මෙවන් ප්‍රශ්න නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දෙකඩ වූ බව සඳහන් කරයි.

මේ ආකාරයෙන් දිගටම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂද දෙකඩ වී වෙනම පෙරමුණකින් ඡන්දය ඉල්ලීමේ තත්වයට යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් එවන් තත්වයක් උදා කර එක්සක් ජාතික පක්ෂය විනාශ කරන්න එපා යැයි තමන් නායකයන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post