ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

views 674 2019-07-19 10:55:00 news

තෙල්දෙණිය - මහනුවර ප‍්‍රධාන මාර්ගයේ ඔරුතොට ප‍්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එහි ගමන්ගත් යතුරු පැදිකරු බරපතල තුවාල ලැබූ අතර ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලීසිය පැවසුවේ. මියගොස් ඇත්තේ 29 හැවිරිදි මැද මහනුවර, දකුණ දොරලියද්ද ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මේ අතර ඊයේ රාති‍්‍රයේ ඇති වූ තද සුළං සහ අධික වැසි හේතුවෙන් ප‍්‍රදේශ රැසක මාර්ග මතට ගස් කඩා වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. තද සුළං හේතුවෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේද ගස් කඩා වැටී තිබෙනවා. විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ රැසක මේ වනවිට විදුලි සැපයුමද බිද වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.     
 


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post