මධ්‍යම කඳුකරයට තද වැසි - රියදුරන්ටත් උපදෙස්

views 673 2019-07-18 12:45:00 news

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (17) රාත්‍රියේ සිට අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතින බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ තද සුළං තත්ත්වයක් ද පවතින බවයි ප්‍රකාශ කෙරුණේ.

පවතින කාලගුණ තත්ත්වයත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වරින්වර ඝණ මීදුම් තත්ත්වයක් ද පවතිනවා. ඒ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post