පානදුර උතුර පොලිස් ස්ථානාධිතිගේ වැඩ තහනම්

views 673 2019-07-15 05:04:00 news

පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබු ටී-56 ගිනි අවි දෙකක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාළව එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතානගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද (15) නියෝග කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කරන්නේ.

අතුරුදහන්වූ ගිනි අවි දෙක සම්බන්ධයෙන් බස්නාහිර උතුර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post