පොහොට්ටුවේ නායකත්වය 11 වැනිදා මහින්දට පුදයි.. විශේෂ සමුළුවට ගෝටාටත් විශේෂ ආරාධනා..

views 728 2019-07-12 09:21:00 news

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට පත්කිරීමට තීරණය කර තිබේ.

ලබන මස 11 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මෙම නව පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

නායකත්වයට පත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා හඳුන්වාදීමට ද නියමිතව ඇත.

සමුළුව ලබන මස එකොළොස් වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාද එම සමුළුව සදහා විශේෂ ආරාධිතයෙක් ලෙස කැදවීමට නියමිත බවද වාර්තා වෙයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post