විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර

views 716 2019-07-12 09:12:00 news

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා නිවැරදි තීන්දුවක් ගත්තේනම් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ජයගත හැකිව තිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනම ප්‍රාදේශි සභාවක් කල්මුනේ ප්‍රදේශයට ලබාදෙන බවට ලිපියකින් දෙමල සන්ධානයට එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

මේ හේතූන් නිසා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වූ බවද ජවිපෙ නායකයා පැවසීය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post