තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෝක කුසලාන ඉන්දීය කණ්ඩායාමන් ඉවතට

views 208 2019-07-02 01:00:00 sport

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් හට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

පසුගිය ඉරිදා එංගලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟය අතරතුර විජේ ශංකර් ආබාධයට ලක්වූ අතර ඔහුට සති කිහිපයක් විවේක ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් විජේ ශංකර් වෙනුවට නවක ක්‍රීඩක මයන්ක් අග්‍රවාල් ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දීය සංචිතයට ඇතුලත් කිරීමට නියමිත බව සදහන්.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් හට ද පසුගියදා ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමට සිදු විය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post