අත්දැකීම් නැති වුණත් පරිණත ක්‍රීඩකයෙක් වගේ අවිශ්ක පන්දුවට පහර දුන්නා

views 686 2019-06-22 03:08:00 sport

ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වාගේ පන්දු යැවීම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගිය බවත් ඊයේ තරගයේදී සියලු අංශවලින් තම කණ්ඩායම සාර්ථක වු බවත් ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි.

එංගලන්තයට එරෙහිව ඊයේ පැවැති තරගය ලකුණු 20කින් ජය ගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තරගය ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාසය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට තිබු බවත් සුළු අඩුපාඩුකම් හේතුවෙන් මෙතෙක් පැවති තරග පරාජය වුවද එසේ නොවුනානම් එම තරගද ජයග්‍රහණය කළ හැකිව තිබු බවත් දිමුත් කරුණාරත්න එහිදී පැවසීය.

අවිශ්ක ප්‍රනාන්දුට තරග සංයුතිය හේතුවෙන් මීට පෙර ඔහුට අවස්ථා ඔහුට ලබා දිය නොහැකි වු බවත් නමුත් ඔහු ඊයේ තරගයේදී ඉතාම හොඳින් ක්‍රීඩා කළ බවත් ඔහු කියා සිටියේය.

එසේම ඉක්මනින් ලකුණු ලබා ගැනීමට පිතිකරුවෙකු අවශ්‍ය වී තිබු මොහොතේ දී අවිශ්ක එය ඉතා හොඳින් ඉටු කළ බවත් වැඩිදුරටත් ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කියා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post