බිහාර් ප්‍රාන්තයේ තාප තරංග කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

views 292 2019-06-20 01:01:00 world

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට බලපා ඇති තාප තරංග කාලගුණයෙන් මියගිය ගණන සියය දක්වා ඉහළ ගොස් ඇත.

ඔවුන්ගෙන් වැඩි පිරිස වයස්ගත පුද්ගලයන් බව රෝහල් වාර්තා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස හේතුවෙන් හටගන්නා තාලප තරංග කාලගුණයෙන් බිහාර් ප්‍රාන්ත වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.

මෙම කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ ගයා, ඔරන්ගාබාද් සහ නවාදා යන දිස්ත්‍රික්ක වලටයි.

අයහපත් කාලගුණයෙන් රෝගීවූ පුද්ගලයන් පන්සීයකට අධික පිරිසක් රෝහල් ගතකර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

එහෙත් ඔවුන්ට ප්‍රමාණවත් තරම් පහසුකම් රෝහල්වල නොමැති බවත් ඒ හේතුවෙන් රෝගීන් දැඩි අවධානමකට මුහුණ පා සිටින බවත් එම වාර්තාවල සඳහන්ය.

එමෙන්ම ඇතැම් පිරිස් රෝහල් වෙත ගෙන එන විටත් මරණයට පත්ව සිටින බවද රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම ඍතුවේදී අධික උණුසුම් කාලගුණයත් සමඟ ජල හිඟයකට මුහුණ දෙයි.

මෝසම් වර්ෂාව ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් මේ වසරේදී එම තත්ත්වය වඩාත් දරුණු ලෙස බලපා ඇති බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post