කයිට්ස් දූපතේ තිබී පුපුරණ ද්‍රව්‍ය හමුවේ

views 261 2019-06-15 11:03:00 news

යාපනය, කයිට්ස්, තිරතිව් දූපතේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 12 ක් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා.

ඒ, යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ පරීක්‍ෂාවකදීයි. විදුලිමය නොවන ඩෙටනේටර් 98 ක්, සාමාන්‍ය සේවා නූල් කැබලි 21 ක් ද මෙහිදී විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

අදාළ පුපුරණ ද්‍රව්‍ය කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post