මාක් වුඩ් නැවත පිටියට?

views 673 2019-06-14 06:12:00 sport

එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයට සහභාගී වනු ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ වළලුකරේ ඇති වු ආබාධයක් හේතුවෙන් පසුගිය බංග්ලාදේශ තරගයෙන් පසු එංගලන්ත කණ්ඩායම නියෝජනය කළේ නැත.

තරගාවලියේ මෙතෙක් වේගවත්ම පන්දු යැවීම සටහන් කර ඇත්තේ ද මාක් වුඩ් විසිනි.

මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (13) පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමඟ ඉන්දීය කණ්ඩායම ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින නවසීලන්ත කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 06ක් ලබා දෙවන ස්ථානයේත්, ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 05ක් ලබා තෙවන ස්ථානයේත් පසුවන අතර ප්‍රසාද ලකුණු 04 ක් ලැබු එංගලන්ත කණ්ඩායම සිව්වන ස්ථානයේ පසුවෙයි.

ප්‍රසාද ලකුණු 04ක් ලැබු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ රැඳී සිටින්නේ පස්වන ස්ථානයේයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post