විහාරස්ථානයේ අලුත් තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රිට් දමා පැය දෙකකින් බිමට කඩා වැටෙයි..

views 2433 2019-06-12 06:02:00 news

බලන්ගොඩ අටවක්වෙල ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේ ඉදිකෙරෙන නව තුන්මහල් ගොඩනැගිල්ලෙහි පළමු මහලෙහි සිමෙන්ති බැග් පන්සියක් යොදා දැමු කොන්ක්‍රීට් ස්ලැබි(කොන්ක්‍රීට් ආරණය) එක එය දමා පැය කිහිපයක් යන්නට කඩා වැ⁣ටි තිබෙ.

සිමෙන්ති බැග් පන්සියයක්,කමිබි,ගල්,මැටල් ඇතුළු ලක්ෂ තිහකටත් වඩා වැඩි අලාභ හානියක් මෙ හේතුවෙන් විහාරස්ථානයට සිදුව ඇති බව ප්‍රදේශවාසින් කියති.

විහාරස්ථානයයේ දායක මුදල් වලින් ඉදි කෙරෙන මෙම නව ගොඩ නැගිල්ලේ පළමු මහලේ ඉහල ස්ලැබි එක සදහ ඇස්තමෙන්තු කර තිබෙන සිමෙන්ති බැග් ප්‍රමානය අටසියයක් වන අතර ඉන් බැග් පන්සියයක ප්‍රමානයක් දමා ඉතිරි කොටස දැමිමට සුදානමින් සිටියදි එය අවාසනාවන්ත ලෙස කඩා වැටුනු බව විහාරස්ථානයට දායකත්වය ලබා දෙන ප්‍රදේවාශින් සදහන් කරති.

සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නැත.ඉදිකිරිමි කටයුතු සදහා භාවිතා කල කුඤ්ඤවල ගැටලුවක් නිසා එය කඩා වැටෙන්නට ඇති බවට ජනතාව කියති.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post