ලෝක වෙලදපලේ තෙල් මිල වැඩිවෙලා.. ලීටරයක් රුපියල් 15කින් වැඩි කල යුතුයි..- තෙල් ඇමතිනි

views 1605 2019-06-12 04:53:00 news

ලෝක වෙළඳපොලේ ඉන්ධන වැඩිවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන ලීටරයක් රුපියල් 15 කින් වැඩි කළ යුතු බව මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන ඇමති අනෝමා ගමගේ මහත්මිය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනතාව පිළිබඳ අවධානය යොමුකර පෙට‍්‍රල් මිල පමණක් රුපියල් 3 කින් පමණක් වැඩි කලේ යැයිද එය සඳහන් කලාය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වී තිබුණ ද පසුගිය මාසයේදී ඉහල නොදැමූ මිලද සමගින් තවත් රුපියල් 15ක් මිල වැඩි කළ යුතුව තිබුණ ද රජය එසේ නොකල බවත් ඇය කීවාය.

ඉන්දීය තෙල් සමාගම නියම කළ මිලට වඩා වැඩියෙන් මිල වැඩි කර ඇති බවද පැවැසූ ඇමැතිවරිය වහාම මිල අඩු කරන්නයි සමාගමට දැමූ බවද කියා සිටියාය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post