පාර්ලිමේන්තු සැසිය අත්හිටුවයි..? පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති වනසන්න තොරතුරු රැස් කරයි..

views 698 2019-06-12 02:20:00 news

ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ඉඩ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

සැසිවාරය කල් දැමූ පසු සියලු කාරක සභාවක් ඇහෝසි වන බවද මන්ත්‍රීවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

ජනාධිපතිවරයා විසින් තේරීම් කාරක සභාව අත්හිටුවන්නැයි දන්වා තිබියදී එය නොතකා දිගටම පවත්වාගෙන යාම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාශ කිරීම සඳහා තොරතුරු එක්රැස් කිරීම සඳහා කුමන්ත්‍රණකාරීව පිහිටුවන ලද්දක් බව මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද සදහන් කලේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post