පාස්කු බෝම්බයෙන් පසු ෂැංග‍්‍රිදා අද සිට විවෘතයි.. පාරිභෝගිකයන් ගෙන්වන්න අති විශාල වට්ටම්..

views 2206 2019-06-12 01:25:00 news

අප්‍රේල් මස 21දා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙක හේතුවෙන් වසා දමන ලද කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අද දින සිට සිය ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරයි.

ඒ අනුව මෙම හෝටලයේ මෙහෙයුම් කටයුතු අද පස්වරු 6.00 ට ආරම්භ කරයි.

සති 06ක පමණ කාලයක් මෙම හෝටල් වසා දමා ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.

අද විවෘත කළ ද හෝටලයේ කාමර පහසුකම් ලබාදෙනු ලබන 15 වැනි දින සිට බවද එම හෝටලය සඳහන් කරයි.

මේ අතර නැවත සංචාරකයන් සහ පාරිභෝගිකයන් ගෙන්වා ගැනීම සඳහා මෙරට හෝටල් ගණනාවක් ම අති විශාල වට්ටම් ප්‍රමාණයක් ලබා දෙමින් ඇත.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post