සමරිසි ප්‍රජාවට විරුද්ධ වු බ්‍රසීල ජනපතිට විරෝධයක්

views 675 2019-06-07 06:15:00 world

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝට එරෙහිව ආර්ජන්ටිනාවේ විරෝධතාවක් පවත්වා ඇත.

ඒ ඔහුගේ ආර්ජන්ටිනා සංචාරයට සමගාමීවයි.

ආර්ජන්ටිනාවේ සංචාරයක නිරත බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝට එරෙහිව බුවනෝස් අයර්ස් අගනුවර දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඊට එරට වැසියන් සිය ගණනක් එක්ව සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රසීල ජනාධිපතිවරයා කාන්තාවන්, සමරිසි ප්‍රජාව සහ හමුදාව පිළිබඳව පළකර ඇති අදහස් විරෝධතාකරුවන්ගේ අප්‍රසාදයට හේතු වී ඇති බව සඳහන්ය.

ගිනි අවි, පවුල් සබඳතා සහ හමුදාව පිළිබඳව පළකර ඇති අදහස් ඔහුගේ ආධාරකරුවන්ගේ ප්‍රසාදයට ලක්ව ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් ඇතැමුන් ඔහු වර්ගවාදියෙක් ලෙස පවසද්දී තවත් පිරිසක් ඔහු  සමලිංගික භීතිකාවෙන් පෙළෙන බවටත් ස්ත්‍රී විරෝධියෙකු බවටත් චෝදනා කරයි.

වරෙක ජනාධිපති බොල් සොනාරෝ කාන්තාවන් සහ සමරිසි ප්‍රජාව අවතක්සේරුවට ලක්කරමින් ප්‍රසිද්ධියේ අදහස් පළකර තිබීම ඊට හේතුවයි.

සංචාරය අතරතුර ඔහු ආර්ජන්ටිනා ජනාධිපති මවුරිසියෝ මාක්රී හමුවීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔහුගේ සංචාරයට සමගාමීව තවත් විරෝධතා සංවිධානය වනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.


පුවත්

Recent Post