ඔස්ට්‍රේලියාවට හදිසියේ හිම පතනයක්

views 671 2019-06-04 05:24:00 world

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපය වෙත හදිසියේ හිම පතනයක් වාර්තා වී තිබේ.

2015 වසරෙන් පසු එම කලාපයට බලපෑ පළමු හිම පතනය මෙය බව එරට වාර්තා පවසන්නේය.

මේ දිනවල ඔස්ට්‍රේලියාවට තරමක ශීත කාලගුණයක් බලපා තිබේ.

ඒ හේතුවෙන් එරට නැගෙනහිර කලාපයේ පිහිටි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාන රැසකට හිම පතනයක්ද වාර්තා වී ඇති බවට සදහන්.

කාලගුණ අංශ පවසන්නේ දකුණුදිගින් හමාඑන වියලි  සුළං හේතුවෙන් ක්වීන්ස්ලන්තයට මෙවැනි අසාමාන්‍ය කාලගුණයක් බලපා ඇති බවයි.

සාමාන්‍යයෙන් හිම පතනයක් වාර්තා නොවන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මෙවැනි කාලගුණ තත්ත්වයක් වාර්තාවීම අසාමාන්‍ය බවට විදෙස් පුවත් පෙන්වා දෙන්නේය.

අවසන්වරට ඉන් හිමපතනයක් වාර්තා වී ඇත්තේ 2015 වසරේදීයි.

මේ අතර සිඩ්නි නුවර ඇතුලු වර්ග කිලෝමීටර් දහසක කලාපයකට බරපතළ කාලගුණ අනතුරු ඇගවීම් නිකුත්කිරීමට ඔස්ට්‍රේලියා කාලගුණ අංශ කටයුතු කළේය.

අධික වැසි සහ දැඩි සුලං ඇතිවීමේ අවස්ථාවක් පවතින බැවින් හැකි තරම් කාලයක් නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේ කාලය ගතකරන ලෙස ජනතාවට දැනුම්දී තිබේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post