ජාතික ටෙනිස් තරගාවලියේ 16න් පහළ ජය හේෂානිට

views 683 2019-05-30 12:17:00 sport

ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය විසින් සංවිධානය කළ ජාතික ටෙනිස් තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ බාලිකා තරග ඊයේ (29) අවසන් වුණි.

වයස අවුරුදු 16න් පහළ බාලිකා තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 50කට අධික පිරිසක් එක්ව සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදී අවසන් තරගය පැවැත්වුණේ ටානියා දොළොස්වල සහ හේෂානි ඉමාංගා අතරයි.

අවසන් තරගය 6ට 3ක්, 6ට 2ක් සහ 10ට 8ක් ලෙස හේෂානි ඉමංගා ජය වාර්තා කළේය.

අද තරගාවලියේ විවෘත කාන්තා අවසන් තරගය සහ වයස අවුරුදු 18න් පහල බාලක අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post