බංග්ලාදේශයේ පාසල් සිසුවියක් ගිනි තබා ඝාතනය කළ සැකකරුවන් 16ක් අත්අඩංගුවට

views 731 2019-05-30 12:15:00 world

ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් සිය පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව පොලීසියට පැමිණිලි කළ පාසල් සිසුවියක් ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට පුද්ගලයින් 16 දෙනෙකු බංග්ලාදේශය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එරට තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර අදාල පාසලේ සිසුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදුහල්පතිවරයා තමාට ලිංගික අපයෝජනයක් සිදු කළ බවට 19 හැවිරිදි මෙම සිසුවිය පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබු අතර එම පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස විදුහල්පතිවරයා විසින් සිසුවියට බලපෑම් සිදු කර තිබු බව සඳහන්ය.

කෙසේවෙතත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් පුද්ගලයින් කණ්ඩායමක් යොදවා පාසල තුළදීම එම සිසුවිය ඝාතනය කිරිමේ අරමුණින් ඇයගේ සිරුරට ගිනි තබා ඇති අතර එය සියදිවි හානිකර ගැනීමක් බවට පෙන්නුම් කිරීමට උත්සහ දරා ඇත.

කෙසේවෙතත් මියයාමට පෙර අදාල සිසුවිය විසින් ලබාදී ඇති ප්‍රකාශයක් හේතුවෙන් ඝාතනය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවය බංග්ලාදේශ ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post