පැය 2 යි මිනිත්තු 31ක් පැවති ටෙනිස් තරගය

views 702 2019-05-28 02:12:00 sport

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේ තරගයකින් ජය වාර්තා කිරීමට ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සමත් විය.

ඒ අමෙරිකාවේ ටොමි පෝල් පරාජය කරමින්.

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේ මෙම තරගය පැය 2 යි මිනිත්තු 31ක් පුරාවට පැවැත්වුණි.

තරගයේ පළමු වටය තීම් ජය ගත් අතර දෙවන වටය පෝල් ජයගත්තේය.

නමුත් තුන්වන සහ සිව්වන වට පිළිවෙලින් ජය ගැනීමට සමත් වුනේ ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම්.

ඒ අනුව ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සමත් විය.

තීම් දෙවන වටයේ දී කසක්තානයේ ඇලෙක්සැන්ඩර් බබ්ලික් සමග තරග වැදීමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post