උසම තැන තරණය කළ අයෙක් මිය යයි

views 650 2019-05-25 04:59:00 world

ලොව උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්ද තරණය කිරීමේදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියගොස් ඇත.

කඳු මුදුනේ ඉහළම ස්ථානයකදී ඇද වැටීමෙන් බ්‍රිතාන්‍යයේ නගරාධිපතිවරයෙකු වු ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව මෙම සතියේ පමණක් එවරස්ට් කන්ද තරණය කළ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇත.

මියගිය අය අතර අයර්ලන්ත, නේපාල, ඔස්ට්‍රියා, අමෙරිකා සහ ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු වන අතර තවත් අයර්ලන්ත ජාතිකයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post