රාමසාන් වෙනුවෙන් දහස් ගණන් දිළින්දන්ගේ කුසගිනි නිවූ හැටි

views 662 2019-05-24 10:36:00 world

රාමසාන් උත්සව සමය වෙනුවෙන් පාකිස්ථානයේ පැවැති නොමිලේ ආහාර බෙදා දීමේ අවස්ථාවක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රාමසාන් උත්සව සමය වෙනුවෙන් විවිධ සමාජ සත්කාරවල නිරත වීමට මුස්ලිම් ජනතාව ප්‍රිය කරයි.

මුස්ලිම් බහුතරයක් වාසය කරන පාකිස්ථානයේ කරච්චි නුවර වාසය කරන දිළින්දන් වෙනුවන් නොමිලේ ආහාර ලබාදීම එහි වැසියන් කටයුතු කර තිබුණි.

රාමසාන් උපවාසය හමාර කර පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මේ ආහාර සකස් කර තිබුණි.

එහිදී පුද්ගලයින් 2000කට පමණ ආහාර නොමිලේ බෙදා දී ඇති අතර ඔවුන් දිළිදු පවුල්වල සාමාජිකයන් බව සංවිධායකයන් පවසයි.

රාමසාන් උපවාස අවසාන කරන කාලයේදී ආහාර ඉතාමත් මිලාධිකවීම හේතුකරගෙන මෙලෙස ආහාර නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.

පාකිස්ථාන වැසියන් මෙම ආහාර දානය ඉතාමත් ප්‍රීතියෙන් බුක්ති විදි ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මිලියන 208 ඉක්මවූ පාකිස්ථාන වැසියන්ගෙන් සියයට 90ක ප්‍රතිශතයක් ඉස්ලාම් දහම අදහන අතර එරටදී රාමසාන් උත්සවය මහත් හරසරින් සමරනු ලබයි.

සවාම් ලෙසින්ද නම්වන රාමසාන් මාසයේදී හිරු උදාවේ සිට හිරු බැසයන තෙක් ආහාර ගැනීමෙන්, දියර වර්ග පානය කිරීමෙන්, දුම් පානයෙන් සහ ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළකීමට ඉස්ලාමීය බැතිමතුන් කටයුතු කරයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post