පාලක ලිබරල්-ජාතික සන්ධායනයේ ජය නැවතත් තහවුරුයි

views 641 2019-05-22 11:04:00 world

පැවැති ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේ ජය නිල වශයෙන් තහවුරු කරගැනීමට පාලක ලිබරල් - ජාතික සන්ධානය සමත්ව තිබේ.

මෙම නොසිතූ ජයග්‍රහණය ලැබීමෙන් පාලක පක්ෂ ආධාරකරුවන් දැඩි සේ ප්‍රීතියට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ පාලක පක්ෂය ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේ ජය තහවුරු කරගැනීමට සමත්ව තිබේ.

දැනට සමස්ත ඡන්දවලින් සියයට 77.5ක ප්‍රමාණයක් ගණන් කර අවසන්ව ඇති අතර ඉන් ආසන 76ක් දිනාගැනීමට ලිබරල් - ජාතික සන්ධානයට හැකිව ඇති බවත් මේ වාර්තාවල සඳහන් වෙයි.

හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් ධුරයෙන් ඉවත්කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානු දේශපාලනය දැඩි අර්බුදවලට මුහුණදුන් බව නොරහසක්.

මේ හේතුවෙන් පාලක පක්ෂය සතුව තිබූ ජනප්‍රියත්වයද ගිලිහී ගිය අතර මැතිවරණයක් කැදවීමට වත්මන් අගමැති ස්කොට් මොරිසන්ට සිදුවූයේද ඒ අනුවයි.

පැවැති අර්බුද හමුවේ විපක්ෂයේ කම්කරු පක්ෂය මැතිවරණය ජයගැනීමේ වැඩි ඉඩක් පවතින බව පූර්ව මැතිවරණ අනාවැකි පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මේ සියලු මත පරාජයට පත්කරමින් නැවතත් වරක් රටේ පාලක බලය තමන් සතුකරගැනීමට පාලක පක්ෂය සමත්වීම විශේෂයි.

තවත් ආසන හතරක මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමට නියමිතයි.

ඉන් ආසන දෙකක ඡන්දවලින් ඉදිරියෙන් පසුවීමටත් පාලක ලිබරල් පක්ෂය සමත්ව සිටියි.
 


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post