අත්හැර දැමීමකට සිංගප්පූරු - මැලේසියා නායකයින් සුදානමින්

views 644 2019-05-22 11:03:00 world

යෝජිත සිංගප්පූරු - මැලේසියා නව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අත්හැර දැමීමට දෙරටේ ප්‍රධානීන් තීරණය කර තිබේ.

ඒ මඟින් දෛනිකව පැයකට මගීන් 10 000කට ප්‍රවාහන පහසුකම් සැපයීමට නියමිතව පැවැතියේය.

සිංගප්පූරුව සහ මැලේසියාව අතර ඉදිකිරීමට යෝජිතව පැවැති අන්තර් රාජ්‍ය දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නවත්වාදැමීමට දෙරටම එකඟවී තිබේ.

දෙරටේ ප්‍රවාහන අමාත්‍යවරුන් විසින් නිකුත්කළ ඒකාබද්ධ නිවේදනයක් යටතේ මේ බව අනාවරණය කෙරුණි.

යටකී දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා වැයකිරීමට නියමිතව පැවැති මුදල අමෙරිකානු ඩොලර් බිලියනයක්.

මැලේසියාවේ දකුණු දිග ජොහාර් ප්‍රාන්තය සහ සිංගප්පූරුව එකිනෙක යා කිරීම මෙම වැඩසටහන යටතේ යෝජිතව පැවැතියා.

නව මැලේසියානු රජය පත්වීමෙන් පසු අත්හැරදැමූ නවතම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය වන්නේද එයයි.

ව්‍යාපෘතිය අත්හැර දැමීම සම්බන්ධයෙන් හෙලිදරව්කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර වැඩිදුරටත් අදහස් දැක්වූ මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි කටයුතු ලබන සැප්තැම්බර් 30වැනිදා දක්වා කල්දැමීමටද තීරණය වී ඇති බවයි.

වැඩ අත්හැරදැමීම වෙනුවෙන් සිංගප්පූරුවට වන්දි ගෙවීමට මැලේසියානු රජය අපේක්ෂාවෙන් පසුවෙයි.

දෛනිකව දහස් සංඛ්‍යාත මැලේසියානුවන් පිරිසක් රැකියාවල නිරතවීම සඳහා සිංගප්පූරුව වෙත ගමන් කරයි.

එහිදී ප්‍රවාහන පිරිවැය අවමකරමින් කාර්යක්ෂමතාව ඉහළදැමීමේ අරමුණින් මේ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය හදුන්වාදීමට දෙරටේ ප්‍රධානීන් කටයුතු කළේය.

එහි වැඩ අවසන්වීමට නියමිතව පැවැතියේ 2026 වසරේදීයි.

එමඟින් පැයකට මගීන් 10 000කට ප්‍රවාහන පහසුකම් සැපයීමටත් අපේක්ෂා කළේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post