වෙසක් පොහොය වෙනුවෙන් සුරාසැල් දින 04කට වැසෙයි

views 199 2019-05-15 08:48:00 news

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සියලූම සුරාසැල් දින 04ක් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව 17වන සිකුරාදා සිට 20වන සඳුදා දක්වා දිවයිනේ සියලූම සුරාසැල් වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ.
එම කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන ස්ථාන සහ පුද්ගලයින් සොයා වැටලීම් කි‍්‍රයාත්මක කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post