කඩාකප්පල්කාරීන් මැද යුද හමුදා ඇදුම් ඇදගත් අයෙක්…

views 890 2019-05-15 03:07:00 news

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
විවිධ මාධ්‍ය තුලින් සංසර්ණය වන වීඩියෝ දර්ශණ සම්බන්ධව
ආරක්ෂක අංශ විසින් අඳින නිළ ඇඳුමකට සමාන නිළ ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන අවස්ථාවේ එහි රැඳී සිටින වීඩියෝ දර්ශන කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවක් අවධානය යොමුකර ඇත.
යුද හමුදාව මගින් මේ සබැඳිව කඩිනම් පරීක්ෂණ පවත්වන අතර එම වීඩියෝවේ ඇතුලත් ආරක්ෂක අංශ සාමාජිකයෙක් යැයි සැක කරන පුද්ගලයා හඳුනා ගැනීමට යුද හමුදාව මහජන සහය පතන අතර පරීක්ෂණවලින් පසුව අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට යුද හමුදාව කටයුතු කරනු ලැබේ.
මේ පිළිබඳ තොරතුරු විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංක 0112-514280ට දැනුම් දෙන ලෙස මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
සුමිත් අතපත්තු
බ්‍රිගේඩියර්
මාධ්‍ය අධ්‍යක්ෂ

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post