අත්අඩංගුවට පත් නාමල් කුමාර CID භාරයට

views 659 2019-05-15 03:02:00 news

දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා වරකාපොළ පොලිසියට පැමිණි අවස්ථාවේ ඊයේ (14) ඔහු අත්අඩංගුවට ගැණුනා.
ඉකුත් දින කිහිපයේ ප‍්‍රදේශ කිහිපයක සිදු වූ නොසන්සුකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නාමල් කුමාර නමැත්තා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.
මීට අමතරව මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ සහ නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඩෑන් පි‍්‍රයසාද් ද ඊයේ (14) අත්අඩංගුව ගැණුනා.
 

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post