ඉන්දියාවේත් රාමසාන්

views 649 2019-05-08 11:53:00 world

ලොව සෑම රටකම පාහේ වාසය කරන මුස්ලිම් ජාතිකයන් මේ දිනවල රාමසාන් උපවාසයේ නිරතවෙමින් සිටියි.

ඉන්දියාවේ වාසය කරන මුස්ලිම් ජාතිකයන් ද සිය රාමසාන් උපවාසය ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ මදුරෙයි නගරයේ වාසය කරන මුස්ලිම් වැසියන් ශුද්ධ වූ රාමසාන් මාසයේ ආරම්භය සනිටුහන් කරමින් උපවාසයේ නිරත වෙමින් සිටියි.

උදෑසනින්ම අවදි වූ පිරිස් එරට වේලාවෙන් උදෑසන 3ට පමණ තෙර්තුවාසාල් පල්ලිය සමීපයට එක්ව පොදු ආහාරවේලක් ලබාගත්තේය.

උපවාස සමය ආරම්භ කරමින් බාල මහලු කවුරුත් එක්ව ආහාර ලබාගත්තේ දිනක් පුරා පැවැත්වෙන දිගු නිරාහාර කාලසීමාවට සූදානම්වීම සදහායි.

ඔවුන් කෙසෙල් පත් මත ඇතිරූ ආහාර අනුභව කරන අයුරු දක්නට ලැබුණි.

සුරාත් හි වෙළෙදපොළ රාත්‍රී කාලයේදී ආලෝකවත් කරමින් සැණකෙලි මාසය වෙනුවෙන් සූදානම් කර තිබුණු අතර එහි පැමිණෙන පිරිස් රට ඉදි, පළතුරු, රසකැවිලි සහ වෙනත් ආහාර ද්‍රව්‍ය මිලදීගන්නා ආකාරයද දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ආශාවන්හි ඇලී ගැලී ඇති සිත සහ කය ආගමික වතාවත් වෙනුවෙන් මුලුමනින්ම වෙන්කරගැනීමේ කාලසීමාව රාමසාන් උපවාස මාසය බව මුස්ලිම් ජාතිකයන් විස්වාස කරයි.

බැතිමතුන් අදහන්නේ උපවාසය මගින් දෙවියන් සහ මිනිසුන් එකිනෙකා ලංකරන බවයි.

ඉන්දියාවේ බිලියන 1.3ක මුස්ලිම් ජාතිකයන් පිරිසක් වාසය කරන අතර එය එරට ජනගහණයෙන් සියයට 14ක ප්‍රතිශතයක්.

චන්ද්‍රයා දර්ශනය වන ආකාරය මත රාමසාන් මාසය ගණනය කෙරෙන අතර ඉන්දීය රාමසාන් මාසය මේ මස 06වැනිදා ඇරඹුණ අතර ජූනි මස සිවුවැනිදායින් අවසන් වේ.
 


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post