ගුවන්-ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් සිරියාවේ සිවිල් වැසියන් 15ක් මරුට

views 183 2019-05-08 11:49:00 world

සිරියාවේ වයඹ දිග ප්‍රදේශයට එල්ල වූ ගුවන් සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මියගිය අය අතර වයස අවුරුදු 05ක් වයසැති කුඩා දරුවන් වන බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

රුසියාවේ සහය ලබන එරට හමුදාව විසින් කැරලිකරුවන් සිටින ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අඛන්ඩව ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.
 


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post