IPLතරඟාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරඟය අද

views 278 2019-05-08 11:42:00 sport

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරඟය දිල්ලි කැපිටල්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර අද (08) පැවැත් වේ.

විශාකාපට්නම් හිදී තරඟය පැවැත්විමට නියමිතයි.

ඊයේ (07) පැවැති තරඟයෙන් චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම පරාජයට පත් කළ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනිමට සමත් විය.

ඒ අනුව අද පැවැත්වෙන තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරඟයේදී මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම සමග තරඟ වදිනු ඇති.

පුවත්

Recent Post