ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යන සිංහයින් දිවයිනෙන් පිටත් වෙයි

views 634 2019-05-07 04:20:00 sport

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 12වන එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සද අද(07) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ක්‍රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරීන් 09 දෙනෙකුගෙන් සමන්විත 27 ත් දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම අද දින උදෑසන 10.20ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ

මෙහිදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 19 වන ක්‍රීඩකයා ලෙස, පසුව මෙම කණ්ඩායමට සම්බන්ධ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ආරක්ෂාව යටතේ අද දින උදෑසන 8.00 ට පමණ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙම ක්‍රිකට් තරගාවලිය මේ මස 30 දා සිට ලබන ජුනි මස 12 දා තෙක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post