ක්‍රිකට් ලෝකයටම ප්‍රශ්ණයක් වුණු අෆ්රිඩිගේ සැබෑ වයස හෙළිවෙයි- රෂීඩ් ඛාන් ගැනත් සැකයක්..!

views 710 2019-05-03 12:35:00 sport

ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙකුට මෙන්ම ප්‍රෙක්ෂකයන්ටද පැවති  ගැටලුවක් අවසන් කරමින් පාකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි ඔහුගේ සැබෑ වයස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව වාර්තා වල දැක්වෙන පරිදි ඔහුගේ උපත සිදුවූයේ 1980 වසරේ නොව 1975 වසරේ බව අෆ්රිඩි සඳහන් කරයි.ඔහුගේ ස්වයං චරිතප්‍රදානයේ මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව 1996 වසරේදි ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 37කින් වාර්තා ගත ශතකයක් රැස්කරන විට ඔහුගේ වයස අවුරුදු 16ක් ලෙස දැක්වූවත් සත්‍ය වයස වන්නේ අවුරුදු 21කි.

වර්තමාන ක්‍රිකට් පිටියේ අති දක්ෂ දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන රෂීඩ් ඛාන්ගේ වයස පිළිබඳවද බොහෝ දෙනා සැක පහළ කරයි.

වාර්තා වල දැක්වෙන පරිදි ඔහු උපත ලද්දේ 1998 වසරේ වුවත්, ඔහුගේ සැබෑ වයස ඊට වඩා වැඩිවිය හැකි බව ඇතැමුන්ගේ අදහසයි.


(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post