හදිසි අනතුරුවලට ලක්වූ 410දෙනෙකු ජාතික රෝහලට

views 239 2019-04-15 11:43:00 news

ගත වූ දින 02තුළ හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 410 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි හදිසි අනතුරු අංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඔවුන්ගෙන් 203 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මාර්ග අනතුරුවලට ලක්වූ 13දෙනෙකු, නිවසේදී සිදුවූ විවිධ අනතුරුවලට ලක්වූ 49 දෙනෙකු සහ හිංසන ක්‍රියා හේතුවෙන් 36දෙනෙකු ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ගිනිකෙළ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ද රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post