පැළ සිටුවීමේ නැකත අද - පරිසරය වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට එක්වන්නැයි ජනපති ඉල්ලයි

views 633 2019-04-15 09:04:00 news

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට ඇතුලත් පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබෙනවා. තුන් පොකුරු යෝගය යෙදී ඇති පූර්වභාග 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම සිදුකළ යුතු බව සඳහන්.

මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම් ඉටු කරන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


මේ අතර ලෝක උරුම සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් අලුතින් වනාන්තර කොරිඩෝවක් නිර්මාණය කිරීමට නෙත් එෆ් එම් රේ්ඩියෝවද කටයුතු යොදා තිබෙනවා. එහි පළමු පියවර ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post