බීමත් පුද්ගලයින්ට රථ වාහන ලබාදෙන හිමිකරුවන්ටත් නඩු

views 271 2019-04-14 04:25:00 news

උත්සව සමයේ බීමත්ව රිය පදවන රියදුරන් හදුනා ගැනීම සදහා භාවිත කරන  බැලුම් 25,000 ක් පමණ පොලිස් ස්ථාන වෙත බෙදා ඇති බව පොලීසිය පවසනවා. බීමත්ව  රිය පදවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවක එම වාහනය හෝ යතුරු පැදිය ඔහුගේ නොවේ නම් එහි හිමිකරුට එරෙහිවද නඩු පවරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

" අවුරුද්ද සමරන්න ගිහින් සාදවලට සහභාගී වෙලා ගතවූ කාලයේදී කඳුලෙන් සමරන්න වූ අවස්ථාවන් පසුගිය අවුරුදු සමයේදී අපට දකින්නට ලැබුනා. ඒ මත්පැන් පානය කර රිය පැදවීමට ගොස් ඇතිවූ අනතුරු හේතුවෙන් අකාලයේ ජිවිත විනාශ වීම නිසා. ඔබ යම් කෙනෙක් අවුරුදු සැමරීමට සාදයකට යනවානම් එහිදී මත්පැන් පානය කරනවානම් නැවත නිවසට ඒම සඳහා කුලී රථයක් හෝ පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කිරීම වැදගත්. එසේත් නැත්නම් මත්පැන් පානය නොකරන ලද පුද්ගලයෙක් රියදුරු වශයෙන් යොදා ගන්න.

යම් හෙයකින් අනතුරක් සිදුවුවහොත් එම අනතුරුට හේතුවූ වාහනයේ හිමිකරුවාට එරෙහිවද නිතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගන්නා බවයි" රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී ප්‍රකාශ කර සිටියේ.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post