අලුත් අවුරුද්දේ බලාපොරොත්තුවක් ගැන විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් කියූ දේ

views 641 2019-04-14 04:14:00 news

උදාවන අලුත් අවුරුද්දේදී රට සශ්‍රීක කළ හැකි රාජ්‍ය නායකයෙකු පත්කර ගැනීමට ජනතාව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස ඔහු ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණා.

ඒ පිළිබද නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

මම හිතන්නේ රටට හිතකාරි රටට වැඩදායි කෙනෙක් ඉදිරියේදී බිහිවෙයි කියලා. මම කාවත් විවේචනය කරන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ රටට වැඩදායි හිතකාමී රාජ්‍ය නායකයෙක් පත් වෙන්න ඕනේ කියා, මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

 


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post