අලුත් අවුරුදු නැකත් වේලාවන්

views 434 2019-04-14 08:14:00 news

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. අද (14) පස්වරු 02.09ට අවුරුදු උදාව සිදුවෙනවා. ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද පස්වරු 02.42ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද, ගිනි මොලවා, හකුරු මිශ්‍ර කිරිබතක් සමග අග්ගලා සහ කැවුම් පිලියල කර ගැනීම සුදුසු බව නැකත් සීට්ටුවේ සදහන්.

වැඩ ඇල්ලිම, ගනු දෙනු කිරීම සහ ආහාර අනුභවය ආදී නැකත් යෙදී ඇත්තේ අද පස්වරු 03.54ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බව නැකත් සීට්ටුවේ සදහන් වනවා.

මේ අතර හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් මස 17වන බදාදා පෙරවරු 07.40ටයි. නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන්පත්ද තබා පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත්යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම සුදුසු බව නැකත් සීට්ටුවේ සඳහන්.

රැකි රක්ෂා සදහා පිටවත්වීමේ නැකත අප්‍රේල් මස 18වන බ්‍රහස්පතින්දා අළුයම 04.52ට යෙදී තිබෙනවා. පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තලමෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්වයාම සුදුසු බව නැකත් සීට්ටුවේ වැඩිදුරටත් සදහන්.


පුවත්

Recent Post