රොකට් වේගයෙන් ආ ත‍්‍රීවීලය පාරෙන් පල්ලමකට පෙරලේ.. රියදුරාට බරපතලයි..

views 416 2019-04-12 03:44:00 news

තලවකැලේ සිට පුත්තලම දක්වා අධික වේගයෙන්  ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා ඔහු නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද (12) උදැසන 9.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදිය.

තුවාලකරු එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට සිය නිවස කරා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේය.

අධික වේගයෙන් ධාවනය වි ත්‍රිරෝද රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලි ප්‍රධාන මාර්ගයේ සිට ස්ටැඩන් වත්ත දක්වා පිවිසෙන මාර්ගයට ත්‍රිරෝද රථය පෙරලි ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, ත්‍රිරෝද රථයේ අධික වේගය අනතුරට හේතුව වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post