මැයි දිනයට පෙර සිවු දෙනෙකු එල්ලා මරයි..සියල්ල සූදානම්

views 2337 2019-04-12 03:43:00 news

ලබන මැයි මාසයේ පළමු වැනිදාට පෙර මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් සිව් දෙනකුට මරණ දඬුවම ලබාදෙන ඇති බවද සඳහන්ය.

මෙම දඬුවම ලබා දීම අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන සති දෙක ඇතුළත ක්‍රියාත්මක වනු ඇතැයිද ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයාද මෑතක දී කියා සිටියේ මරණ දඬුවම ලබාදීමට සියළු කටයුතු තීරණය කර අවසන් බවත් එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් ය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post