කේට් කුමරිය ලන්ඩන් නුවර බාලදක්ෂ මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

views 778 2019-03-29 12:39:00 world

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරියවන කේට් මිඩ්ල්ටන් ලන්ඩන් නුවර බාලදක්ෂ මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වෙයි.

2012 වර්ෂයේ සිටම බාලදක්ෂ ව්‍යාපාරය සඳහා සම්බන්ධ වී සිටින කේම්බ්‍රිජ් ආදිපාදවරිය එහි ස්වේච්ඡා නායිකාවක් ලෙසද කටයුතු කරයි.

මෙහිදී ඇය වයස අවුරුදු 5 සහ ඊට  අඩු දරුවන් බාලදක්ෂයින් ලෙස පුහුණු කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියකට සම්බන්ධ වුණි.

තරුණ ප්‍රජාව සහ සහ ඔවුන්ගේ සමකාලීනයන්ගේ  සමාන අවස්ථා අතර පරතරය අවම කිරීම මේ ආකාරයේ නියමු ව්‍යපෘති සංවිධානය කිරීම මගින් අපේක්ෂා කරන බව කෙන්සිංටන්  මාළිගය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

කේම්බ්‍රිජ් ආදිපාදවරිය සිය වැඩිමහල් දරුවා වන පස් හැවිරිදි ජෝර්ජ් කුමරු බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් ද සිටින බව වාර්තා වෙයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post