දේවස්ථානයක බිත්තියක් කඩා වැටී පුද්ගලයින් 9ක් මරුට

views 761 2019-03-27 11:30:00 world

පේරු රාජ්‍යෙය් පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ අවාසනාවන්ත අනතුරක් පිළිබද පුවතක් විදෙස් පුවත් වාර්තා කර තිබුණි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ හුආනුකෝ නගරයේ දේවස්ථානයේ දේවමෙහෙයකට එක්ව සිටි පිරිසක්.

පිරිස දේවමෙහෙයේ නිරත වෙමින් සිටියදී එම දේවස්ථානයේ බිත්තියක් කඩා වැටීමෙන් අනතුර සිදුවිය.

ඉන් පුද්ගලයින් 9දෙනෙක් මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.

පළාතේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දේවස්ථාන බිත්ති මෙසේ කඩාවැටෙන්නට ඇති බව අනුමාන කෙරෙයි.

එම ගොඩනැගිල්ල ඊට පෙර නිවෙසක් ලෙසින් භාවිත කර ඇති අතර පසුකාලීනව දේවස්ථානයක් බවට පරිවර්තනය වී ඇති බවට සඳහන් වෙයි.

පේරු ගම්බද පලාත්වල හි මෙවන් ස්ථාන බහුල බවත් විදෙස් පුවත් වැඩිදුරටත් පවසයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post