මා අත්අඩංගුවට ගැනීම තහනම් කරන්න..මාකදුරේ මධුෂ් පොලීසියට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි

views 644 2019-03-15 08:48:00 news

ශ‍්‍රී ලංකා පොලීසිය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සදහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් වෙනුවෙන් අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මාකදුරේ මධුෂ් වෙනුවෙන් ඔහුගේ පුංචි අම්මා කෙනෙකි.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පොලිස් විශේෂකාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුලු 05 දෙනෙකු නම් කර ඇත.

පොලීසිය විසින් පතනම් විරහිතව මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින්නේ යයි පෙත්සමෙන් කියා තිබේ.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post