මහ මැතිවරණයෙන් මධ්‍යම දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණ පක්ෂයට ජය

views 593 2019-03-04 12:45:00 world

එස්ටෝනියාවේ මහ මැතිවරණයෙන් මධ්‍යම දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණ පක්ෂය ජය ගෙන තිබේ.

පාලක මධ්‍යම පක්ෂය පරාජය කරමින් ඊයේ (03) පැවති මැතිවරණයේදී මධ්‍යම දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණ පක්ෂය මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගෙන ඇති බවවාර්තා වන්නේය.

 ඒ අනුව ජයග්‍රාහී පක්ෂයේ නායිකා කාජා කලාස් එස්ටෝනියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත් වීමට නියමිතයි.

 විද්‍යුත් ක්‍රමයට පැවති මෙවර මැතිවරණය සදහා ඡන්ද දායකයන් අට ලක්ෂ අසූ එක් දහසක් සුදුසුකම් ලබා තිබුණි.

 යුරෝපා රාජ්‍යයක් වන එස්ටෝනියාව 1991 වසරේදී සෝවියට් සංගමයෙන් නිදහස ලැබු රාජ්‍යයක් විය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post