UNPය මැතිවරණය පැවැත්විමට සහය නොදෙන හේතුව පවිත්‍රා කියයි

views 273 2019-02-11 10:34:00 news

පරාජයට බියේ එක්සත් ජාතික පක්ෂය පළාත් සභා මැතිවරණය පැවැත්විමට සහය නොදෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මුල්කිරිගල ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බල මණ්ඩල රැස්විමට එක් වෙමින් මන්ත්‍රීවරිය මේබව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩු සමයේ ආරම්භ කරමින් එම ආණ්ඩු සමයේම අවසන් කළ එකදු සංවර්ධන ව්‍යාපෘතියක් නොමැති බවද මන්ත්‍රීවරිය පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක ආණ්ඩුවේ තිබේන එකම ආර්ථීක ප්‍රතිපත්තිය වන්නේ ජනතාවට බදු ගැසීම පමණක් බවද ඇය ප්‍රකාශ කළේය.

එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී චානක මහතාද අදහස් පල කළේය.

ඔහු පැවසුවේ උපාධිදාරින්ට රැකියාවක් ලබා දීමට නොහැකි ආණ්ඩුවක් සමාන්‍ය පෙළ සමත් පිරිසට කෙසේ නම් රැකියා ලබා දෙන්නේද යනුවෙනි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post