බ්‍රසීලයේ හිටපු ජනපතිට තවත් වසර 13ක සිරදඩුවමක්   

views 660 2019-02-07 10:23:00 world

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවිස් ඉන්සියෝ ලූලාද සිල්වාට යලි වසර 13කට ආසන්න සිරදඩුවමක් ලබාදී තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් බ්‍රසීල හිටපු ජනාධිපතිවරයාට මෙම සිරදඩුවම ලබා දී  ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

73 හැවිරිදි ලුලාද සිල්වා මේ වන විටත් සිරගතව සිටන අතර පසුගිය අප්‍රේල් මාසයේදී තවත් දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 12ක සිරදඩුවමක් හිමි වුණි.

කෙසේවෙතත් තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා  ද සිල්වා මහතා පවසයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post